realbrokers.lk තැරැව්කාර සේවාව සඳහා අදාල කොන්දේසි –
1) දේපල විකුණුම් මිලෙන් 2% ගාස්තුවක් තැරැව්කාර ගාස්තුව ලෙස අය කරනු ලබයි.
2) දේපල අලෙවි කිරීමට realbrokers.lk ආයතනයට භාර දීමේ දී ඔබ සමඟ ගිවිසුම් ගත වනු ඇත.
3) realbrokers.lk ආයතනයට විකිණීම සඳහා ඔබ සතු දේපල භාර දුන් පසු සුදුසු ගැනුම්කරුවෙකු හඳුනා ගන්නා තෙක් සියළුම අලෙවි ප්රවර්ධනයන් realbrokers.lk ආයතනය මඟින් සිදු කරනු ලැබේ.
4) realbrokers.lk ආයතනය විසින් මිලදී ගැනීමට කැමති ගැනුම්කරු හදුන්වා දීම සිදු කරන අතර මුදල් ගණුදෙනු ඔබට කැමති අයුරින් සිදු කර ගත හැකිය.
5) ගණුදෙනුව සිදු වූ දිනම realbrokers.lk ආයතනය වෙත ගෙවිය යුතු 2% තැරැව්කාර ගාස්තුව ගෙවිය යුතුය.
6) realbrokers.lk ආයතනය විසින් හදුනා ගන්නා ලද ගැනුම්කරුවන්ට ඔබගේ ආදල දේපල පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දිය යුතුය.
ඉහත කොන්දේසි වලට එකඟව realbrokers.lk ආයතනයේ විශේෂ තැරැව්කාර සේවාව ලබා ගැනීමට ඔබ කැමති නම් පහත ආකෘතිය සම්පූර්ණ කර යොමු කිරීමට (submit) කටයුතු කරන්න. කඩිනමින් අපගේ නියෝජිතයකු ඔබ අමතනු ඇත.